The Religion of Peace
TheReligionofPeace.com

මුස්ලිම්වරුන් සහ ඉස්ලාමය පිළිබඳව

" ඔබ දැනගත් අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම මත පදනම්ව මුස්ලිම්වරු ගැන නිගමනයකට එන්න එපා.
ඒ වගේම¸ ඔබ හඳුනන මුස්ලිම්වරු මත පදනම්ව ඉස්ලාමය පිළිබඳ නිගමනයකට එන්න එපා."

මෙම වෙබ් අඩවිය කියවීමට කාලය නොගෙන අපව විවේචනය කරන පිරිසත් ඒ වාගේම ඉස්ලාමයේ සහ මුස්ලිම්වරුන්ගේ වෙනස හඳුනාගැනීමට දුර්වල පිරිසත් පවසන දේ හේතුවෙන් අප තීරණය කළා වසර ගණනාවක් නොයෙක් අවස්ථාවල අප පැවසූ දේ එක තැනකට ගෙනෙන්න.

ඉස්ලාමය යනු මතවාදයක්(අන්තවාදී දෘෂ්ටියක්) - යම් යම් මතයන් ගේ ගොනුවක්. එය මුස්ලිම් වරයෙක් කෙසේ වියයුතු දැයි විස්තර නොකරයි. එනමුත් ඉස්ලාමය කෙසේ මතවාදයක් දැයි විස්තර කරයි. මේ ලෝකයේ කිසිම මතවාදයක් විවේචනය ඉක්මවා ගිහින් නැහැ. විවේචනය කිරීමේ අයිතිය සෑම පුද්ගලයෙක්ටම අයිති මානව හිමිකමක් වුවත් ඉස්ලාම් මතවාදය ඒ අයිතිය උදුරා මේ මිහිමත වෙසෙන සියලු දෙනා පරයා නිශ්චිත වශයෙන්ම දේශපාලනික සහ සාමාජීය අධිපතිභාවය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා.

මුස්ලිම්වරු යනු ස්වාධීන මනුෂ්‍යයෝ ය. එමනිසා ඔවුන් මුස්ලිම් ජාතියට අයිති වූ පමණින් ඒ කිසිවෙක් ට හානි කිරීම, හංවඩු ගැසීම සහ වෙනස් ආකාරයකට සැලකීම ප්‍රතික්ෂේප කළයුතුබව අප තරයේ විශ්වාස කරනවා.

මතවාදයක් විදිහට ඉස්ලාමය සියලු දෙනාට සමාන ගෞරවයක් ලබා දීම හෝ සමාන අයිතිවාසිකම් ලබාදීම පිළිගන්නේ නැහැ. ඉස්ලාමය සමානාත්මතාවය පිළිගන්නේ නැහැ. යම් මතවාදයක් පිරිසකගේ හැගීම හා එකඟ වූ පමණින් හෝ ඒ මතවාදය පිළිගන්නා ප්‍රමාණය මත, සත්‍ය හෝ හොඳ මතවාදයක් බවට පත් වෙන්නේ නැහැ. එම නිසා නරක ප්‍රතිවිපාක ගෙනදීමට ප්‍රථමයෙන් එවැනි අදහස් අභියෝගයට ලක් කලයුතු යි.

ඉස්ලාමය යනු සර්ව බලධාරී දෙවියන්ව විශ්වාස කිරීම පමණක් නොවේ. ඉස්ලාම් යන වචනයේ අර්ථය අවනත වීම. ඉස්ලාමය යනු නීති පද්ධතියක් මුස්ලිම්වරු අල්ලාහ් ට අවනත කරවන, කාන්තාවන් පිරිමින්ට අවනත කරවන සහ සියලු ඉස්ලාමය නො අදහන්නන් අදහන්නන්ට අවනත කරවන.

අප මුස්ලිම් රටක ජීවත් නොවුනත් කිසි ලැජ්ජාවක් නොමැතිව ඔවුන් වාරණය, බියගැන්වීම, ප්‍රචණ්ඩත්වය, අප වෙත මුදාහරිනවා ඉස්ලාමීය අන්තවාදය විශ්ලේෂණයට විරුද්ධව. නමුත් අපට තවමත් නිදහස තිබෙනවා බටහිර පවතින සෑම පුද්ගලයෙක්ගේ ම අයිතීන්ට ගරු කරන ලිබරල් මතවාදයට එරෙහිව යන ඉස්ලාමීය හර පද්ධතියට විරුද්ධව එළිපිට වාද විවාද සිදු කරන්න.

සැබවින්ම කුරාණය පවසන ආකාරයෙන් පිරිමියා කාන්තාවට වඩා ශ්‍රේෂ්ඨයි ද? මොහොමඩ් පවසන ආකාරයට කාන්තාවන් බුද්ධි හීනයි ද? අනෙක් ආගම් අදහන්නන්ට අඩත්තේට්ටම් සහ හිංසා කිරීම සහජීවනයෙන් යුතු සාමකාමී පරිසරයක් බිහිකරනවා ද? කුරාණයේ නොයක් තැන්වල අනුබල දී ඇති පරිදි කාන්තාවන් ලිංගික වහලුන් ලෙස තබා ගැනීම නිවැරදි ද? නිරාගමිකයන් සහ සම ලිංගිකයන් ගෙළ සිඳ ගැනීම හෝ අල්ලාහ් විශ්වාස කරන්නන්ගෙන් බැහැර ව සිටීම තෝරා ගත යුතුයි ද?

ඇත්ත. මෙහි සමහර මුස්ලිම්වරු ඉස්ලාමීය දේව වාදයේ අඩුපාඩු දකිනවා. නමුත් එසේ සිදුකල පමණින් ඉස්ලාමය වෙනස් වන්නේ නැහැ.

ඔබ දන්නා ඉස්ලාමීය අන්තවාදය කිසිලෙසකත් ස්වාධීන මුස්ලිම් පුද්ගලයන්ගේ ගුණ අගුණ මත පටලවා ගන්න එපා. ඔබ දන්නා මුස්ලිම්වරු ත්‍රස්ත වාදීයෝ වුවත් මානව වාදීන් වුවත් එපමණකින් ඉස්ලාමය ගැන අවසාන නිගමනයකට එන්න එපා.

ඉස්ලාමය යනු කුමන ආකාරයේ දෙයක්දැයි තේරුම් ගැනීම කුරාණය, හදීස් සහ නබිතුමාගේ ජීවිතය මත පදනම් ව සිදු කල යුතු වෙනවා.

ඒ වාගේම ඉස්ලාමයේ සැබෑ ස්වරූපය මත පදනම් ව ඔබ ඇසුරු කරන මුස්ලිම් වරුන් ගැන අවසාන නිගමනයකට එන්න එපා. අනෙකුත් සමාජ කණ්ඩායම් වාගේම සියලු මුස්ලිම්වරුත් එකම විදිහට හිතන්නේ නැහැ. තවද සැබෑවටම මධ්‍යස්ත ඉස්ලාම්වරු ලෙස පිරිසක් ඉස්ලාමය තුල නොමැති වුවද ඉන් මධ්‍යස්ත අදහස් ඇති මුස්ලිම් වරු නැති බව අදහස් වෙන්නේ නැහැ.

අයන් හිස්රි අලි පවසන ආකාරයට "මුස්ලිම් වරුන්ට තම පුද්ගලික මතය අනුව තමන් කොතරම් ප්‍රමාණයක් තම ආගමේ කරුණු පුරුදු කරනවාදැයි තෝරාගත හැක." උදාහරණයකට බටහිර වෙසෙන බොහෝ මුස්ලිම්වරු කුරාණයේ පැහැදිලිවම සඳහන්ව තිබුණත් සොරකමක් කල පුද්ගලයෙකුගේ අතපය සිඳලීම අනුමත නොකරයි

ඔබ හඳුනන මුස්ලිම්වරු ත්‍රස්තවාදියෝ නොවේ. ඔවුන්ටත් ඔබට සමාන ජීවිතය ගැන බලාපොරොත්තු ඇති අතර ඔබ වාගේම දරුවන් ගේ දියුණුව ගැන ද සිතයි. ඔවුන්ගේ ආගම පදනම් කරගෙන ඔවුන් නොසලකා හැරීම හෝ අගෞරවයට ලක් කිරීම ආදිය නොකළ යුතු ය. ඔවුන්ගේ දේපල හෝ ශුද්ධ ග්‍රන්ථ විනාශ කිරීම නොකළ යුතු ය.

ඉස්ලාමය අදහන කණ්ඩායමට අයත් වූ පමණින් එම පුද්ගලයා පිළිබඳව පැහැදිලි නිගමනයකට පැමිණිය නොහැකි නිසා, පුද්ගලයෙක් පිළිබඳව අදහන ආගම(එකතු වී සිටින කණ්ඩායම) මත පදනම්ව පුර්ව නිගමනයකට පැමිණීම අලජ්ජී අතාර්කික ක්‍රමයකි.

අපගේ අවවාදය!

ඉස්ලාමීය අන්තවාදයට ප්‍රවේසමෙන් සහ අගතියෙන් තොරව පිළියම් කළ යුතු ය.
මුස්ලිම්වරුන්ට කරුණාවෙන් සහ තනි තනි පුද්ගලයන් ලෙස සිතා සැලකිය යුතු ය.

ඔබ හඳුනන මුස්ලිම්වරු මත පදනම්ව ඉස්ලාමය පිළිබඳ නිගමනයකට එන්න එපා.
ඒවාගේම ඔබ දැනගත් අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම මත පදනම්ව මුස්ලිම් වරු ගැන නිගමනයකට එන්න එපා.

Further Reading:

What to Do about the Threat of Islam?

©2002 - 2019 Site developed by TheReligionofPeace.Com
All Rights Reserved
Any comments can be directed to the Editor.
About the Site